ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලිය ප්‍රවේශපත්‍ර අනිද්දා සිට

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අදාල ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සදහා අනිද්දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනිද්දා පෙරවරු 09 යි 30 සිට සිට එම ටිකට්පත් මිළදි ගත හැකියි. මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර මිළදි ගැනීමටද අවස්ථාව පවතින අතර ඒ සදහා ක්‍රිකට් ආයතනයේ නිළ වෙබ් අඩවියෙන් අවස්ථාව හිමිවනවා.

රුපියල් 300 සිට 7500 දක්වා කාණ්ඩ යටතේ ප්‍රවේශපත්‍ර මිළට ගත හැකියි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ජූනි 08 වැනිදා සිට ප්‍රවේශපත් අලෙවිය සිදු කෙරෙන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන්නේ ජූනි 26 වනදා සිටයි.

තරග පැවැත්වෙන දිනවලදී තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ආශ්‍රීතව ප්‍රවේශපත්‍ර මිළදී ගැනිමේ හැකියාවක් නැහැ.

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »