ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියට අදාළව
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල යි නියෝගය ලබාදුන්නේ.
රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද ඇයට නියම කෙරුණා.
එය නොගෙවන්නේ නම් මාස 06 ක තවත් සිර දඩුවමක් නියම කරන බවටයි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ.