ලේබර් රජය අසාර්ථක වනු ඇතැයි හිටපු ආරක්ෂක ඇමති කියයි

වත්මන් ලේබර් රජය අසාර්ථක වනු ඇතැයි හිටපු ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් පවසනවා.

ලිබරල් පක්ෂයේ නායකයා මෙන්ම විපක්ෂ නායකයා ලෙසද පත්වීමට ඉගි පළවී ඇති ඔහු පෙන්වා දෙන්නේ ලේබර් පක්ෂය බලයට පත්වී දින කිහිපයක් තුළ බදු වැඩි කිරීම් සහ විදුලි බිල් ගාස්තු ඉහළ යෑමද මේ වනවිටත් සිදුවී ඇති බවයි.

පවතින ප්‍රවණතා සළකා බැලීමේදී ඉදිරි කාලය තවත් අසීරු වනු ඇති බවයි පීටර් ඩට්න් අනාවැකි පළකරන්නේ.

එමෙන්ම සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂය ඉතා ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බවටත් ඔහු චෝදනා කර සිටියා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-27-2022/e48bf7e2-0c15-4c6f-9e95-ec99fc183256

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »