ලංකාවට 18 දා LTTE ප්‍රහාරයක් ? ඇත්තම කථාව මෙන්න

ශ්‍රී ලංකාව සහ එල් ටී ටී ඊ සංවිධානයට අදාළව ඉන්දියාවේ හින්දු පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා එවා තිබෙනවා.

එලෙස වැඩිදුර තොරතුරු වෙතොත් ඒවා පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බවයි ඔවුන් දන්වා ඇත්තේ.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් ලබන 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දු පුවත්පත පෙරේදා දිනයේදී පුවතක් පළකර තිබුණා.

එම තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසා ඇති අතර එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙසයි ඔවුන් විසින් දන්වා ඇත්තේ.

කෙසේවෙතත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේනම් ඒවා පිළිබඳව ශ්‍රී ලංකා ට දැනුම් දීමට කටයුතු කරන බව ද ඔවුන් දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලූ තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාල ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලූ ඉදිරි ක්‍රියාමාර්ග’ගැනීමට කටයුතු කර ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »