රනිල් ට දෙස් විදෙස් පාර්ශව රැසක සුභ පැතුම්

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට දෙස් විදෙස් පාර්ශව රැසක් සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියාසිටියේ අසීරු අවධියක අභියෝගාත්මක වගකීමක් භාරගත් ඔහුට තම සුභ පැතුම් පිරිනමන බවයි.

ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා වික්‍රමසිංහ සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කලා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද නව අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් පළ කර තිබුණේ ට්විටර් සටහන් නිකුත් කරමිනුයි.

කොළඹ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චංග් සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

දැනට පවතින අර්බුද විසඳීමටත් ස්ථාවරත්වය ප්‍රවර්ධනයටත් නව පත් කිරීම සහ ඉදිරියේදී පත් කෙරෙන කැබිනට් මණ්ඩලය හරහා ඉවහල් වනු ඇති බවයි තානාපතිනිය පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අර්ථවත් වැඩපිළිවෙලක් ඇති කරගනු ඇතැයිද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන දීර්ඝ කාලීන විසඳුම් කරා එළඹෙනු ඇතැයිද අමෙරිකානු තානාපතිනී ජූලි චංග් විශ්වාසය පළකරනවා.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවත් ඔවුන් නිකුත් කර ඇති ට්විටර් සටහනක සඳහන්.

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »