මෙල්බන්වලින් හමුවූ නව කොවිඩ් උප ප්‍රභේදය ගැන ලාංකික මහාචාර්යවරයාගෙන් අනාවරණයක්

මෑතකදී හඳුනාගත් නව කොවිඩ් උප ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවට තහවුරු වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය, මහාචාර්ය සංජය සේනානායක පවසන්නේ මේ වනවිට එම ප්‍රභේදය අමෙරිකාව තුළද සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මෙම ප්‍රභේදයේ වෛරස් කොටස් මෙල්බන් නගරයේ අපජලයේ තිබී පසුගියදා සොයා ගැණුනා.

කෙසේවෙතත් මෙහි මාරාන්තික බව අඩු අගයක් ගන්නා බවයි මහාචාර්ය සේනානායක පෙන්වා දෙන්නේ.

යුරෝපා රටවල් කිහිපයකින්ද මෙම උප ප්‍රභේදය මේ වනවිට හමුවී තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »