අනවසර සංක්‍රමණිකයන් ගැන විපක්ෂ නායක ඇල්බනීස්ගේ ප්‍රතිපත්තිය එළිදකී

අනවසර සංක්‍රමණිකයන් සඳහා ඔස්ටේ්‍රලියා ප්‍රධාන භූමියෙන් බැහැරව පවත්වාගෙන යන වීසා සැකසුම් මධ්‍යස්ථාන (offshore processing centres) අහෝසි කිරීමේ තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

අද පෙරවරුවේ සිදුකල ප්‍රකාශයක් පිළිබඳ කරුණු පැහැදිලි කරමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

බෝට්ටු මගින් අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීම ලේබර් පක්ෂයේ දැඩි ස්ථාවරය බවත් ඒ අනුව offshore processing centres අනවශ්‍ය බවටත් ඔහු විසින් පවසා තිබුණා.

කෙසේවෙතත් දැනට පවතින මධ්‍යස්ථාන කිසිවක් වසාදැමීමක් එමගින් අදහස් නොකෙරුණු බවයි විපක්ෂ නායක ඇල්බනීස් සඳහන් කරන්නේ.

සංක්‍රමණ කටයුතු සම්බන්දයෙන් සිය ප්‍රතිවාදියා එනම් වත්මන් අගමැති මොරිසන්ගේ ප්‍රතිපත්ති දියාරු සහ වෙනස්වන සුලු බවටද විපක්ෂ නායකවරයා චෝදනා කලා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »