මෙල්බන් ගුවන් තොටුපළෙන් විදෙස්ගතවන මගීන්ට විශේෂ පණිවුඩයක්

වසර 02 කට පසු මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය ලෙස ඊයේ දිනය සටහන්වී තිබෙනවා.

එළඹෙන පාස්කු උත්සවයත් සමග බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදෙස් ගතවීම ඊට හේතුවයි.

Check-in / රේගු / ආරක්ෂක කවුලු වැනි සියලු ස්ථානවල පැයකට වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇතැයි මගීන් ප්‍රකාශ කර තිබුණා.

එබැවින් ගුවන් තොටුපළ බලධාරීන් ගුවන් මගීන්ට දන්වා සිටින්නේ ගුවන් ගමනට නියමිත වේලාවට අමතර පැය කිහිපයකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසටයි.

මේ අතර සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේද ඊයේ දැඩි තදබදයක් පැවති අතර ක්වන්ටාස් ගුවන් සේවය චෝදනා කලේ ඇතැම් ගුවන් මගීන් නිසි ලෙස ගුවන් තොටුපළ රෙගුලාසි අනුගමනය නොකිරීමද ඊට හේතුවී ඇති බවයි.

දීර්ඝ කාලයක් ගුවන් ගමන් වල නොයෙදීම හමුවේ ඇතැමුන්ට ගුවන් ගමන් නීති අමතකව ගොස් ඇති බවට ද ක්වන්ටාස් ගුවන් සේවය චෝදනා කරනවා.

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »