Breaking: නාමල් සියලු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි

නාමල් රාජපක්ෂ වත්මන් රජයේ ඔහු දැරූ සියලු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි.

මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් සමීපතම ඥාතීන් 09 දෙනෙකු අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බවද එම වාර්තාව වැඩි දුරටත් කියා සිටී.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »