සමාජ මාධ්‍ය අවහිර කල බව ශ්‍රී ලංකා රජය පිළිගනී

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කලා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියාසිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අවහිර කෙරුණු බවයි.

ඒ අනුව මේ වනවිට ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රම්, ටෙලිග්‍රෑම්, වට්ස් ඇප් සහ ට්විටර් යන සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

කෙසේවෙතත් බොහෝ දෙනා VPN තාක්ෂණය යොදාගෙන සමාජ ජාල වෙත පිවිසී සිටිනවා.

අද (03) වනදා රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්ව තිබියදී ජනාධිපතිවරයා විසින් රට තුළ ඇඳිරි නීතියද පණවනු ලැබුවා.

එය හෙට උදාසන 06 ට අවසන්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »