තවත් රට සල්ලි ආයතන 02 කට රතු එළි

විධානයන්ට අනුකූල නොවූ තවත් මුදල් හුවමාරු ආයතන 02 කට ශ්‍රී ලංකා මහ බැංකුව අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුවේ සහ වැල්ලවත්තේ පිහිටා ඇති එක්තරා සමාගමකටත් – වැල්ලවත්තේම පිහිටා ඇති තවත් ආයතනයකටත් මෙලෙස අවවාද කල බවයි මහ බැංකුව නිවේදනය කලේ.

මෙම මුදල් හුවමාරු ආයතන විසින් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගත් බව මහ බැංකුව කිතුත් කර ඇති නිවේදනයක සඳහන්.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත මුදල් හුවමාරු කරන්නන්හට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇති.

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »