යුක්රේන අගනුවර ස්ථාන රැසක පිපිරීම්

යුක්රේනයේ කිව් අගනුවර ස්ථාන රැසකින් පිපිරීම් ශබ්ද ඇසෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

රුසියානු ආරක්ෂක අංශ විසින් නිවාස සංකීර්ණ පවා ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ලකරමින් සිටින බවටයි යුක්රේනය චෝදනා කරන්නේ.

මේ අතර යුරෝපා සංගමය විසින් රුසියාවට දැඩි සම්බාධක මාලාවක් පණවා තිබෙනවා.

අද රුපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා සිටියේ වහා සටන් විරාමයකට යොමුවී සාකච්ඡා සඳහා එන ලෙසයි.

නිල වාර්තා පවසන්නේ දෙපාර්ශවයේම යුධ ගුවන් යානා බිම හෙලා ඇති බවයි.

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »