Mask එකට සැනිටයිසර් දැම්මොත් ආරක්ෂාව වැඩිවෙයිද ? ඔස්ටේ්‍රලියාවේ අලුත්ම අනාවරණය

මුහුණු ආවරණ මත සනීපාරක්ෂක ද්‍රව්‍ය (සැනිටයිසර්) ස්ප්‍රේ කිරීම මගින් මුහුණු ආවරණයේ ක්‍රියාකාරීත්වය අඩුවන බව ඔස්ටේ්‍රලියාවේදී සිදුකල අධ්‍යයනයකදී හෙළිවී තිබෙනවා.

ඇල්කොහොල් වැනි ද්‍රව්‍ය ආලේපනය හරහා මුව ආවරණවලින් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටු නොවන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

විශේෂයෙන් මෙවැනි දෑ සිදුකර එකම මුහුණු ආවරණය අඛණ්ඩව භාවිත කිරීම හමුවේ නිසි රැකවරණයක් නොලැබෙන බවද ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් සඳහන් කරනවා.

එක් වරක් භාවිත කර ඉවත දැමිය යුතු මුහුණු ආවරණ සැනිටයිසර් යොදා පිරිසිදු කිරීමෙන් කිසිදු ප්‍රථිඵලයක් අත්නොවන බවද ඔවුන් ප්‍රකාශ කලා.

https://www.9news.com.au/national/csiro-research-covid-19-face-masks-spraying-mask-hand-sanitiser-reduces-effectiveness/2e017b17-7e35-4925-aaaa-d73de9f14bb4

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »