05 වන T20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 155 ක ඉලක්කයක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි 05 වන පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 155 ක ඉලක්කයක් හිමිවුණා.

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 06 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 154 ක්.

මැතිව් වේඩ් නොදැවී 43 ක්ද – ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 29 ක්ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක් ද ළහිරු කුමාර ළකුණු 34 කට කඩුලු 02 ක්ද බිඳහෙලුවා.

කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනු ලැබුවා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයට ක්‍රීඩා කරමින් සිටිනවා.

මෙතෙක් පැවති තරග 04 ම ජයගත් සත්කාරක ඔස්ටේ්‍රලියාව මේ වනවිට තරගාවලියම ජයගෙන අවසන්.

කිසියම් අයුරකින් අද තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 5 – 0 ක පූර්ණ තරගාවලි ජයක් ඔස්ටේ්‍රලියාවට හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »