
මහා බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ්
මහා බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. බකිංහැම් මාළිගය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්. 95 හැවිරිදි රැජිණ සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නමුත් වින්ඩ්සර් මාළිගයේ සිට නිල රාජකාරී කටයුතු පවත්වාගෙන යන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ට දෙවන වරටත් කොරෝනා ආසාධනය වී ඇතැයි පසුගියදා තහවුරු කෙරුණා. ඔහු ඊට දින කිහිපයකට පෙර රැජිණ හමුවී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් වූයේ.