බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත වන දිනය ගැන ඉගියක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා වසා තැබීමට ගත් තීරණය ජනප්‍රිය නොවුවද එය වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පවසනවා.

ජීවිත ආරක්ෂා කිරීමටත් රැකියා සුරැකීමටත් එය ඉවහල් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට සියයට 54 කට ආසන්නව පවතින 03 වන මාත්‍රා ප්‍රතිශතය ඉහළ අගයකට පැමිණි වහා ප්‍රාන්ත සීමා විවෘත කරන බවත් මාර්ක් මැක්ගෝවන් අවධාරණය කලා.

කෙසේවෙතත් වර්තමානයේ ප්‍රාන්ත සීමා විවෘත කිරීම යනු දහස් ගණනක් කොවිඩ් ආසාධිතයන් ප්‍රාන්තයට පැමිණීමක් බවයි ඔහු අනතුරු අගවන්නේ.

https://www.9news.com.au/national/wa-premier-mark-mcgowan-stands-by-border-restrictions/3d80d937-9694-4cd7-b578-c2d1196aec6d

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »