ජල ගැලීම් නිසා සති 03 ක් සිරවී සිටි මෙල්බන් පවුලක් ගලවා ගැනේ

ජල ගැලීම් හමුවේ දකුණු ඔස්ටේ්‍රලියාවේ කුඩා දුෂ්කර ගම්මානයක සති 03 ක කාලයක් සිරවී සිටි මෙල්බන් පවුලක් ගුවන් මගින් ඇඩිලේඩ් දක්වා රැගෙනවිත් තිබෙනවා.

පුද්ගලයන් 200 ක් පමණ වාසය කරන Oodnadatta ප්‍රදේශයේ ගමන් කරමින් සිටින අතරතුරයි මොවුන් ධාරාණිපාත වර්ෂාව හමුවේ සිරවීමකට ලක්ව තිබුණේ.

දෙමව්පියන් සහ ඔවුන්ගේ කුඩා දරුවන් 03 දෙනා ඒ අතර වුණා.

මෙම පිරිස අද ඇඩිලේඩ් සිට මෙල්බන් දක්වා රැගෙන ඒමටද නියමිතයි.

PIC – 9NEWS

 

 

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »