පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ගැන අගමැති යළි කණගාටුව පළකරයි

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කලකට පෙර සිදුවූ බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් නැවත වරක් කණගාටුව පළකරනවා.

මින් ඉදිරියට මෙවැනි අපකීර්තිමත් සිදුවීම් වීමට ඉඩ නොතබන බවටයි ඔහු අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේ.

කවරෙකු හෝ මින් පසු මෙවැනි කටයුත්තකට වරදකරු බවට පත්වුවහොත් දැඩි පියවර ගන්නා බවටයි අගමැතිවරයා අනතුරු අගවා සිටියේ.

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන පිළිබඳ සොයා බැලීමට පත්කල කොමිසමේ නිර්දේශ අනුව අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ද මෙහිදී අදහස් පළකලා.

ඔහු පැවසුවේ අදහස් දැක්වීමෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම මෙවැනි දෑ ඉටු කල යුතුව ඇති බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »