Australia Awards Scholarships වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම ලබන 01 දා සිට

2022 වසර සඳහා ඔස්ටේ්‍රලියානු සම්මාන ශිෂ්‍යත්ව හෙවත් Australia Awards Scholarships වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම ලබන 01 දා සිට ආරම්භ වන අතර මැයි 31 වනදායින් අවසන්වීමට නියමිතයි.

ශ්‍රී ලාංකිකයන්ටද මේ සඳහා අයදුම්කල හැකි බවයි ඔස්ටේ්‍රලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ට ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන ආයතනවල පූර්ණ කාලීන උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට මේ හරහා අවස්ථාව හිමිවනවා.

ගුවන් ටිකට්පත් ගාස්තුවක් – ජීවන වියදම් ගාස්තුවක් ඇතුලු දීමනා වර්ග කිහිපයකටද මේ යටතේ සුදුසුකම් ලැබූවන් හිමිකම් ලබනවා.

ශිෂ්‍යත්වලාභීන් ඔවුන්ගේ ශිෂ්‍යත්වය සම්පූර්ණ කිරීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ ඔස්ටේ්‍රලියාවෙන් පිටවිය යුතුවීම අනිවාර්ය කොන්දේසියක්.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම තැනැත්තාට ශිෂ්‍යත්වයේ සම්පූර්ණ පිරිවැය සඳහා ණයක් දැරීමට සිදුවනවා.

https://www.dfat.gov.au/people-to-people/australia-awards/Pages/how-to-apply-for-an-australia-awards-scholarship

https://www.dfat.gov.au/people-to-people/australia-awards/australia-awards-scholarships

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »