ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් අවසන් තරග අද සිට – ප්‍රේක්ෂක ධාරිතාවය 80% දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරග අද සිට ආරම්භ වනවා.

ඒ අනුව කාන්තා කේවළ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙන අතර ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි සමගින් අමෙරිකානු ක්‍රීඩිකා ඩී කොලින්ස් එහිදී තරග වදිනවා.

පිරිමි කේවළ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩී මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

මේ අතර අද සිට ආරම්භ වන අවසන් තරග සඳහා ප්‍රේක්ෂක ධාරිතාවය සියයට 80 ක් දක්වා ඉහළ දැමීමටද තරග සංවිධායකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ වික්ටෝරියා සෞඛ්‍ය අංශවල උපදෙස් මතයි.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »