නිවු සවුත් වේල්ස් සියලුම පාසල්වලට රැපිඩ් කට්ටල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම පාසල්වලට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදී තිබෙනවා.

ඒ ලබන සතියේ සිට පළමු පාසල් වාරය ආරම්භ කිරීමට පෙරාතුවයි.

මේ අනුව ප්‍රාන්තය පුරා පවතින පාසල් 3000 කට – සහ මධ්‍යස්ථාන 5000 ක් පුරා මෙම රැපිඩ් කට්ටල බෙදා හැර අවසන් බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

සතියකට දෙවරක් බැගින් සිසුන් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් අමතර බස් රථ 3400 ක් සහ දුම්රිය 400 ක් යෙදවීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »