Day: January 28, 2022

බටහිර ඔස්ටේ්‍රලියා අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක හුදකලා නීති සංශෝධනයට

අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන් සඳහා බලාත්මක වූ හුදකලා නීති සංශෝධනය කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු වුවද රෝග ලක්ෂණ නොපෙන්වයි නම් ඔහුට හෝ ඇයට සේවය වාර්තා කල හැකියි. අදාළ ක්ෂේත්‍ර පහත පරිදියි “transport, food beverages pharmaceutical supplies, agriculture, critical resources, power utilities and waste management services, corrective and judicial services, police and emergency services, schools and childcare, healthcare services, social assistance at residential care, veterinary services,

Read More »

Update: ධාරාණිපාත වර්ෂා – කුණාටු – ජලගැලීම් නිසා වික්ටෝරියාවට අඛණ්ඩ බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ධාරාණිපාත වර්ෂා – කුණාටු සහ ජලගැලීම් දෛනික ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රාන්තයේ නිවාස 18,000 ක පමණ විදුලිය ඇණහිට ඇති අතර ප්‍රදේශයේ අඩක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්. මෙල්බන් නගරයේ මාර්ග රැසක්ද තාවකාලිකව වසා දමා තිබෙනවා. කෙසේවෙතත් සති අන්තය වනවිට මෙම තත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. ඔස්ටේ්‍රලියාවට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය හේතුවෙනුයි මෙලෙස වරින්වර අයහපත් කාළගුණ විපර්යාස තත්වයක් උද්ගත වන්නේ. https://twitter.com/BOM_Vic/status/1486956330820767748?s=20

Read More »

විදෙස් සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට එන්න අවසර ලැබෙන දිනය මෙන්න

ලබන පාස්කු උත්සවයට පෙර විදෙස් සංචාරකයන්ට කිසිදු සීමාවකින් තොරව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඉහළ ගිය දෛනික ආසාධිතයන් නැවත අඩුවීමට පටන්ගෙන ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. පසුගිය වසර අවසානයේදී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා නැවත විවෘත කෙරුණද රටට පැමිණිමට අවසර හිමිවූයේ පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් – විදෙස් සිසුන් – පුහුණූ ශ්‍රමිකයන් ඇතුලු පිරිසකට පමණයි. කෙසේවෙතත් සියලු සංචාරකයන්ට කිසිදු අවහිරයකින් තොරව රටට පැමිණීමට අවසර දෙන දිනය වැඩි ඈතක නොවන

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයක වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව අද සටහන් වුණා. ඒ මරණ 93 ක් ලෙසයි. කෙසේවෙතත් මෙම මරණ සියල්ල ඊයේ දිනයේදි සිදුවූ ඒවා නොවන අතර නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඊයේ දිනයේදියි. වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ 39 ක් – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මරණ 35 ක් – ක්වීන්ස්ලන්ඩ් මරණ 18 ක් මේ අතර වනවා. එමෙන්ම ACT ප්‍රාන්තයෙන් ද ඊයේ දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වි තිබෙනවා.

Read More »

නිවු සවුත් වේල්ස් සියලුම පාසල්වලට රැපිඩ් කට්ටල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම පාසල්වලට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදී තිබෙනවා. ඒ ලබන සතියේ සිට පළමු පාසල් වාරය ආරම්භ කිරීමට පෙරාතුවයි. මේ අනුව ප්‍රාන්තය පුරා පවතින පාසල් 3000 කට – සහ මධ්‍යස්ථාන 5000 ක් පුරා මෙම රැපිඩ් කට්ටල බෙදා හැර අවසන් බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ. සතියකට දෙවරක් බැගින් සිසුන් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් අමතර බස් රථ 3400 ක් සහ දුම්රිය 400 ක් යෙදවීමටද

Read More »