
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම පාසල්වලට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදී තිබෙනවා.
ඒ ලබන සතියේ සිට පළමු පාසල් වාරය ආරම්භ කිරීමට පෙරාතුවයි.
මේ අනුව ප්‍රාන්තය පුරා පවතින පාසල් 3000 කට – සහ මධ්‍යස්ථාන 5000 ක් පුරා මෙම රැපිඩ් කට්ටල බෙදා හැර අවසන් බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

සතියකට දෙවරක් බැගින් සිසුන් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් අමතර බස් රථ 3400 ක් සහ දුම්රිය 400 ක් යෙදවීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

COMMENTS