විදෙස් සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට එන්න අවසර ලැබෙන දිනය මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

විදෙස් සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට එන්න අවසර ලැබෙන දිනය මෙන්න

විදෙස් සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට එන්න අවසර ලැබෙන දිනය මෙන්න

ලබන පාස්කු උත්සවයට පෙර විදෙස් සංචාරකයන්ට කිසිදු සීමාවකින් තොරව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඉහළ ගිය දෛනික ආසාධිතයන් නැවත අඩුවීමට පටන්ගෙන ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය වසර අවසානයේදී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා නැවත විවෘත කෙරුණද රටට පැමිණිමට අවසර හිමිවූයේ පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් – විදෙස් සිසුන් – පුහුණූ ශ්‍රමිකයන් ඇතුලු පිරිසකට පමණයි.

කෙසේවෙතත් සියලු සංචාරකයන්ට කිසිදු අවහිරයකින් තොරව රටට පැමිණීමට අවසර දෙන දිනය වැඩි ඈතක නොවන බව අගමැති මොරිසන් සඳහන් කලා.

නිශ්චිත දිනයක් තෝරාගෙන නැතත් බොහෝවිට අප්‍රේල් අවසන්වීමට පෙර එම දිනය උදාවනු ඇති බවද ඔහු කියාසිටියා.

https://www.7news.com.au/travel/tourism/prime-minister-scott-morrison-offers-timeline-on-when-international-tourists-are-set-to-return-to-australia–c-5476112

COMMENTS