පාපන්දු පිටි 26 ක සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ගුවන් තොටුපළට

ඔස්ටේ්‍රලියාවේ විශාලතම සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර තිබෙනවා.

එහි සමස්ත වර්ග ප්‍රමාණය පාපන්දු පිටි 26 ක් පමණ වන බව සඳහන්.

පර්යන්ත (Terminal) 04 සඳහාම විදුලි බලය සැපයීම අරමුණු කරගෙනයි මෙම සූර්ය පැනල පද්ධතිය ඉදිකර ඇත්තේ.

ගුවන් තොටුපළේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 15 ක් සපුරාලීම මෙම සූර්ය පැනල පද්ධතියේ අරමුණ වී තිබෙනවා.

2050 වසර වනවිට පරිසර හිතකාමී බලශක්ති යොදාගැනීමේ එක් අධියරක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ.

https://www.9news.com.au/national/solar-farm-melbourne-one-of-australias-largest-solar-farms-installed-at-melbourne-airport/f55edf68-d244-41ac-90c3-bcee88850f7a

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »