මෙල්බන් රෝහල්වල අද සිට Code brown තත්වයක් – අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් පස්සට

මෙල්බන් නගරයේ සියලු පොදු රෝහල්වල අද දහවල් සිට Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Code brown තත්වයකදී ගිලන් රථ සේවා සැපයීමේ ප්‍රමුඛතාවය හිමිවන්නේ අසාධ්‍ය රෝගීන්ට පමණයි.

මේ අනුව දැනට නිවාඩු මත සිටින සියලු සේවකයන් නැවත සේවයට කැඳවීමට නියමිතයි.

ඊට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් වැනි කටයුතු ප්‍රමාද කෙරෙන අතර කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් මූලිකත්වය දෙනු ඇති.

කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 4000 කට පමණ සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබෙනවා.

එමෙන්ම ඇතැම්විට සෞඛ්‍ය සේවකයන්ට තමාට පැවරුණු රාජකාරියට අමතර සේවාවන් හි වුවද නිරතවීමට සිදුවනවා.

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »