Day: January 19, 2022

Update: 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ මවගේ සහකරුයි

නිවු සවුත් වේල්ස් Blue Mountains හි පදිංචිවී සිටි 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ මවගේ සහකරු බව තහවුරු වී තිබේ. 31 හැවිරිදි සැකකරුට ඝාතන චෝදනා එල්ලවී ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය කියාසිටී. Charlise Mutten නම් මෙම දැරියගේ බවට සැක කෙරන සිරුරක් අද බැරලයක බහා තිබියදී හමුවිය. දැරිය අතුරුදන්වූ ස්ථානයට පැයක පමණ දුරකින් පිහිටි ස්ථානයක බැරලයක තිබී අද පෙරවරුවේ සිරුර සොයාගත් බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. කෙසේවෙතත් මෙම සිරුර අතුරුදන්වූ දැරියගේමද යන්න

Read More »

Breaking: ශිෂ්‍ය වීසා ලාභීන් සඳහා රැකියා කල හැකි පැය ගණනේ සීමාව ඉවතට

ශිෂ්‍ය වීසා ලාභීන් සඳහා දැනට රැකියා කල හැකි පැය ගණනේ සීමාව ඉවත් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පවතින සේවක හිගය ඊට හේතුව බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. සියලු ක්ෂේත්‍ර සඳහා මෙය බල පැවැත්වෙනවා. ලබන අප්‍රෙල් මාසයේදී එය නැවත විමසා බැලීමට නියමිතයි. මේ අතර වර්කින්ග් හොලිඩේ වීසා ලබාගෙන පැමිණෙන පුද්ගලයන් සඳහා එකම රැකියා ස්ථානයක සේවය කල හැකි කාල සීමාව ද ඉවත් කර තිබෙනවා. සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු

Read More »

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු

2026 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු පළවී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය විසින් වික්ටෝරියා ප්‍රාන්ත රජය වෙත එම ආරාධනාව සිදුකර ඇති බව සඳහන්. පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් 50 අතුරින් කිසිදු රටක් විසින් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය භාරගැනීමට මේ දක්වා ඉදිරිපත්වී නැහැ. කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය හෝ ෆෙඩරල් රජය විසින් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ. 2006 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා

Read More »

ලාංකික සම්භවයක් ඇති හිටපු ෆේස්බුක් ලොක්කාට දසතින් දොස්

චීනයේ සුලු ජන කොට්ඨාශ සඳහා සිදුවන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකල යුතුව ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල ශ්‍රී ලංකා සම්භවයක් සහිත අමෙරිකානු සහ කැනඩා පුරවැසි චමත් පළිහපිටියට දැඩි විවේච්චනයක් එල්ලවී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේද ඔහුට එරෙහිව දැඩි චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. චීනයේ පිළිවෙතට අමෙරිකාව විසින් දැඩි චෝදනා එල්ලකරන අවස්ථාවක චමත් පළිහපිටිය විසින් සිදුකල මෙම ප්‍රකාශය කිසිසේත් සාධාරණීකරණය කල නොහැකි බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණේ. කෙසේවෙතත් පසුව නිවේදනයක්

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන ශ්‍රී ලංකාවේ ගණන්කාරයා

ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ලැබුණි. ඔහු ‍ලුචිත් සහන් තේනුවර ය. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Baulkham Hills High School අධ්‍යාපනය ලබන ලුචිත් ගණිත විෂයට දක්ෂයෙකි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික විභාගයෙන් “Extension 2 mathematics” විෂය සඳහා පළමු ස්ථානය ඔහුට හිමිවී ඇති බවය. https://www.smh.com.au/national/nsw/from-beverly-hills-to-baulkham-hills-the-state-s-top-hsc-students-in-every-course-revealed-20220117-p59owv.html

Read More »