Day: January 19, 2022

ක්වීන්ස්ලන්ඩ් එන විදෙස් සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායනය ඉවතට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයන් සඳහා බලාත්මක වූ අනිවාර්ය නිරෝධායනය ඉවත් කර තිබෙනවා. ලබන සෙනසුරාදා අලුයම 01 සිට එය බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැතිනිය නිවේදනය කලේ. කෙසේවෙතත් ප්‍රාන්තයට පැමිණීමට පැය 24 කට පෙර ඔවුන් විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම තවදුරටත් අනිවාර්යයි. දැනට විදෙස්ගතව සිටින ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ගේ හිත මිතුරන් සහ ඥාතීන් වෙනුවෙන් සළකා බලා මෙම තීරණය ගත් බවද අගමැතිනිය කියාසිටියා. ක්වීන්ස්ලන්ඩ් ද්විත්ව එන්නත්කරණ ප්‍රතිශතය දැනට පවතින්නේ සියයට 90 කට ආසන්නවයි. https://www.9news.com.au/national/coronavirus-qld-border-restrictions-update-quarantine-scrapped-for-vaccinated-international-travellers-entering-queensland-from-saturday/6b35c48b-9bba-4492-9a14-5fe8162fa897

Read More »

Temporary Graduate වීසා ලාභීන් රැසකගේ වීසා කාලය දීර්ඝ කෙරේ

වීසා කාණ්ඩ 485 යටතේ Temporary Graduate වීසා ලාභීන් රැසකට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා වීසා බලපත් කාලය දීර්ඝ කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින සහ දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින Temporary Graduate වීසා ලාභීන් විශාල පිරිසකට මෙමගින් සහන අත්වනු ඇති. කෙසේවෙතත් ඔවුන් පහත දැක්වෙන කොන්දේසි සපුරාලිය යුතු වනවා. පසුගිය දෙසැම්බර් 15 වනදා වනවිට Temporary Graduate වීසා බලපත්‍රයක් තිබීම / දැනට පවතින වීසා බලපත්‍රය ලබන සැප්තැම්බර් 30 වනදාට පෙර කල් ඉකුත්වීම

Read More »

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් බූස්ටර් කාලසීමාව මාස 03 කට අඩු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වික්ටෝරියා ප්‍රාන්තයේ බූස්ටර් මාත්‍රාව දෙන කාලසීමාව මාස 04 සිට මාස 03 දක්වා අඩු කර තිබෙනවා. මේ අනුව මාස 03 කට පෙර සිය දෙවන මාත්‍රාව ගත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් විශාල පිරිසකට අද සිට 03 වන මාත්‍රාව ලබාගත හැකියි. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ ලක්ෂ 12 කට ආසන්න වික්ටෝරියානුවන් පිරිසකට මෙම ප්‍රතිලාභය අත්වන බවයි. මේ අතර අද සිට දින 04 ක බූස්ටර් මාත්‍රා ලබාදීමේ දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු යොදා තිබෙනවා. ඒ

Read More »