වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් බූස්ටර් කාලසීමාව මාස 03 කට අඩු කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් බූස්ටර් කාලසීමාව මාස 03 කට අඩු කෙරේ

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් බූස්ටර් කාලසීමාව මාස 03 කට අඩු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වික්ටෝරියා ප්‍රාන්තයේ බූස්ටර් මාත්‍රාව දෙන කාලසීමාව මාස 04 සිට මාස 03 දක්වා අඩු කර තිබෙනවා.

මේ අනුව මාස 03 කට පෙර සිය දෙවන මාත්‍රාව ගත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් විශාල පිරිසකට අද සිට 03 වන මාත්‍රාව ලබාගත හැකියි.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ ලක්ෂ 12 කට ආසන්න වික්ටෝරියානුවන් පිරිසකට මෙම ප්‍රතිලාභය අත්වන බවයි.

මේ අතර අද සිට දින 04 ක බූස්ටර් මාත්‍රා ලබාදීමේ දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු යොදා තිබෙනවා.

ඒ යටතේ වේලාවන් වෙන් කරවා ගැනීම් සංඛ්‍යාවද වැඩි කර තිබීම විශේෂත්වයක්.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද අද සිට බූස්ටර් මාත්‍රාව දෙන කාලසීමාව මාස 04 සිට 03 දක්වා අඩු කර තිබෙනවා.

එමගින් ලක්ෂ 33 ක පිරිසකට අද සිට 03 වන මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව උදාවනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-new-case-numbers-code-brown-hospitals/7b8ed6bc-40dc-4a0f-9cee-7f419f5f260e

COMMENTS