ක්වීන්ස්ලන්ඩ් එන විදෙස් සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායනය ඉවතට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයන් සඳහා බලාත්මක වූ අනිවාර්ය නිරෝධායනය ඉවත් කර තිබෙනවා.

ලබන සෙනසුරාදා අලුයම 01 සිට එය බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැතිනිය නිවේදනය කලේ.

කෙසේවෙතත් ප්‍රාන්තයට පැමිණීමට පැය 24 කට පෙර ඔවුන් විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීම තවදුරටත් අනිවාර්යයි.

දැනට විදෙස්ගතව සිටින ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ගේ හිත මිතුරන් සහ ඥාතීන් වෙනුවෙන් සළකා බලා මෙම තීරණය ගත් බවද අගමැතිනිය කියාසිටියා.

ක්වීන්ස්ලන්ඩ් ද්විත්ව එන්නත්කරණ ප්‍රතිශතය දැනට පවතින්නේ සියයට 90 කට ආසන්නවයි.

https://www.9news.com.au/national/coronavirus-qld-border-restrictions-update-quarantine-scrapped-for-vaccinated-international-travellers-entering-queensland-from-saturday/6b35c48b-9bba-4492-9a14-5fe8162fa897

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »