Day: January 19, 2022

සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු කපා හරී

සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු කපා හැරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. අද සිට ඉදිරි මාස 02 ත් 03 ත් අතර කාලයක් සඳහා එය බලාත්මක වන බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ. මේ අනුව එක් අයෙකු සඳහා ඩොලර් 630 ක් බැගින් වන මුදලක් මෙලෙස කපා හැරෙනු ඇති. මේ වනවිටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000 කට ආසන්න පිරිසක් සහ 23,500 ක් පමණ වන bakpacker වරුන් සඳහා මෙම සහනය හිමිවනවා. දැනට දැඩි හිගයක්ව පවතින ක්ෂේත්‍ර

Read More »

අතුරුදන්වූ 09 හැවිරිදි දැරියගේ බවට සැක මළ සිරුරක් හමුවෙයි

නිවු සවුත් වේල්ස් Blue Mountains ප්‍රදේශයේදී පසුගිය සතියේදී අතුරුදන්වූ 09 හැවිරිදි දැරියගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. දැරිය අතුරුදන්වූ ස්ථානයට පැයක පමණ දුරකින් පිහිටි ස්ථානයක බැරලයක තිබී අද පෙරවරුවේ සිරුර සොයාගත් බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. කෙසේවෙතත් මෙම සිරුර අතුරුදන්වූ දැරියගේමද යන්න මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. මේ අතර අතුරුදන්වූ දැරියගේ විමර්ශනවලට අදාළව පුද්ගලයෙකුට චෝදනා ගොණු කර තිබෙනවා. දැරිය අතුරුදන්වූයේ පසුගිය 14 වනදායි. https://www.7news.com.au/news/nsw-police/man-charged-with-murder-of-girl-9-who-disappeared-in-the-blue-mountains-c-5362274

Read More »

දරුවන් එන්නත්කරණය ගැන බොරු මතවලට රැවටෙන්න එපා – අගමැති මොරිසන්

දරුවන් එන්නත්කරණය නොකරන්නැයි ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ පිළි නොගන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු දෙමව්පියන්ට දන්වා සිටිනවා. දරුවන්ට එන්නත්කරණය යෝග්‍ය බවට වෛද්‍යවරුන් පවා නිර්දේශ කර ඇති බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ. අගමැති මොරිසන් මේ බව සඳහන් කරන්නේ නැෂනල් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජෝර්ජ් ක්‍රිස්ටන්සන් කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි. දරුවන්ට කොවිඩ් එන්නත් නොදෙන්නැයිද එය ෆෙඩරල් රජය ගත් වැරදි තීන්දුවක් බවද ඔහු අන්තර්ජාලය ඔස්සේ සඳහන් කර තිබුණා. මෙම ප්‍රකාශය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මෙන්ම විපක්ෂ නායක බාර්නබි

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 20,769ක්! NSW ප්‍රාන්තයෙන් 32,297ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 20,769ක් හමුව ඇත. මරණ 18 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 253,827 කි. ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 49,838ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,121 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1483562911436279808?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 32,297ක් වාර්තා වි තිබේ. දැනට 2,863 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන

Read More »

මෙල්බන් රෝහල්වල අද සිට Code brown තත්වයක් – අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් පස්සට

මෙල්බන් නගරයේ සියලු පොදු රෝහල්වල අද දහවල් සිට Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. Code brown තත්වයකදී ගිලන් රථ සේවා සැපයීමේ ප්‍රමුඛතාවය හිමිවන්නේ අසාධ්‍ය රෝගීන්ට පමණයි. මේ අනුව දැනට නිවාඩු මත සිටින සියලු සේවකයන් නැවත සේවයට කැඳවීමට නියමිතයි. ඊට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් වැනි කටයුතු ප්‍රමාද කෙරෙන අතර කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් මූලිකත්වය දෙනු ඇති. කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන්

Read More »