දරුවන් එන්නත්කරණය ගැන බොරු මතවලට රැවටෙන්න එපා – අගමැති මොරිසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

දරුවන් එන්නත්කරණය ගැන බොරු මතවලට රැවටෙන්න එපා – අගමැති මොරිසන්

දරුවන් එන්නත්කරණය ගැන බොරු මතවලට රැවටෙන්න එපා – අගමැති මොරිසන්

දරුවන් එන්නත්කරණය නොකරන්නැයි ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ පිළි නොගන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු දෙමව්පියන්ට දන්වා සිටිනවා.

දරුවන්ට එන්නත්කරණය යෝග්‍ය බවට වෛද්‍යවරුන් පවා නිර්දේශ කර ඇති බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ.

අගමැති මොරිසන් මේ බව සඳහන් කරන්නේ නැෂනල් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජෝර්ජ් ක්‍රිස්ටන්සන් කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.

දරුවන්ට කොවිඩ් එන්නත් නොදෙන්නැයිද එය ෆෙඩරල් රජය ගත් වැරදි තීන්දුවක් බවද ඔහු අන්තර්ජාලය ඔස්සේ සඳහන් කර තිබුණා.

මෙම ප්‍රකාශය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මෙන්ම විපක්ෂ නායක බාර්නබි ජොයිස් ද දැඩි අප්‍රසාදය පළකර තිබුණා.

https://www.9news.com.au/national/coronavirus-australia-news-health-minister-greg-hunt-urges-parents-to-get-their-children-vaccinated/33cfe497-51ad-42dc-981b-1e0e188a6e1f

COMMENTS