
නිවු සවුත් වේල්ස් Blue Mountains ප්‍රදේශයේදී පසුගිය සතියේදී අතුරුදන්වූ 09 හැවිරිදි දැරියගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
දැරිය අතුරුදන්වූ ස්ථානයට පැයක පමණ දුරකින් පිහිටි ස්ථානයක බැරලයක තිබී අද පෙරවරුවේ සිරුර සොයාගත් බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
කෙසේවෙතත් මෙම සිරුර අතුරුදන්වූ දැරියගේමද යන්න මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.

මේ අතර අතුරුදන්වූ දැරියගේ විමර්ශනවලට අදාළව පුද්ගලයෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.
දැරිය අතුරුදන්වූයේ පසුගිය 14 වනදායි.

COMMENTS