
මෙල්බන් නගරයේ සියලු පොදු රෝහල්වල අද දහවල් සිට Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.
Code brown තත්වයකදී ගිලන් රථ සේවා සැපයීමේ ප්‍රමුඛතාවය හිමිවන්නේ අසාධ්‍ය රෝගීන්ට පමණයි.

මේ අනුව දැනට නිවාඩු මත සිටින සියලු සේවකයන් නැවත සේවයට කැඳවීමට නියමිතයි.
ඊට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් වැනි කටයුතු ප්‍රමාද කෙරෙන අතර කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් මූලිකත්වය දෙනු ඇති.

කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 4000 කට පමණ සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබෙනවා.
එමෙන්ම ඇතැම්විට සෞඛ්‍ය සේවකයන්ට තමාට පැවරුණු රාජකාරියට අමතර සේවාවන් හි වුවද නිරතවීමට සිදුවනවා.
COMMENTS