සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු කපා හරී

සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු කපා හැරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අද සිට ඉදිරි මාස 02 ත් 03 ත් අතර කාලයක් සඳහා එය බලාත්මක වන බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ.

මේ අනුව එක් අයෙකු සඳහා ඩොලර් 630 ක් බැගින් වන මුදලක් මෙලෙස කපා හැරෙනු ඇති.

මේ වනවිටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000 කට ආසන්න පිරිසක් සහ 23,500 ක් පමණ වන bakpacker වරුන් සඳහා මෙම සහනය හිමිවනවා.

දැනට දැඩි හිගයක්ව පවතින ක්ෂේත්‍ර කිහිපයක රැකියා සඳහා පුද්ගලයන් වැඩි වශයෙන් යෙදවීම සලකා බලා මෙම තීරණය ගත් බවද අගමැතිවරයා කියාසිටියා.

ශිෂ්‍ය වීසා සඳහා මාස 02 ක් ලෙසද bakpacker වරුන් සඳහා මාස 03 ක් ලෙසද මෙම සහනය ක්‍රියාත්මකයි.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/prime-minister-announces-630-visa-rebate-for-international-students-and-backpackers-heading-to-australia-c-5363883

https://www.9news.com.au/national/australia-visa-rebate-scheme-students-backpackers-covid19-workplace-shortages/1f7badb5-77d6-4c8c-97d9-77944baa9282

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »