Search

Breaking: ශිෂ්‍ය වීසා ලාභීන් සඳහා රැකියා කල හැකි පැය ගණනේ සීමාව ඉවතට

ශිෂ්‍ය වීසා ලාභීන් සඳහා දැනට රැකියා කල හැකි පැය ගණනේ සීමාව ඉවත් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පවතින සේවක හිගය ඊට හේතුව බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

සියලු ක්ෂේත්‍ර සඳහා මෙය බල පැවැත්වෙනවා.

ලබන අප්‍රෙල් මාසයේදී එය නැවත විමසා බැලීමට නියමිතයි.

මේ අතර වර්කින්ග් හොලිඩේ වීසා ලබාගෙන පැමිණෙන පුද්ගලයන් සඳහා එකම රැකියා ස්ථානයක සේවය කල හැකි කාල සීමාව ද ඉවත් කර තිබෙනවා.

සිසුන් සහ bakpacker වරුන් සඳහා වීසා ගාස්තු කපා හැරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අද සිට ඉදිරි මාස 02 ත් 03 ත් අතර කාලයක් සඳහා එය බලාත්මක වන බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ.

මේ අනුව එක් අයෙකු සඳහා ඩොලර් 630 ක් බැගින් වන මුදලක් මෙලෙස කපා හැරෙනු ඇති.

මේ වනවිටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000 කට ආසන්න පිරිසක් සහ 23,500 ක් පමණ වන bakpacker වරුන් සඳහා මෙම සහනය හිමිවනවා.

https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=813

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »