Update: 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ මවගේ සහකරුයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Update: 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ මවගේ සහකරුයි

Update: 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ මවගේ සහකරුයි

නිවු සවුත් වේල්ස් Blue Mountains හි පදිංචිවී සිටි 09 හැවිරිදි දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ මවගේ සහකරු බව තහවුරු වී තිබේ.

31 හැවිරිදි සැකකරුට ඝාතන චෝදනා එල්ලවී ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය කියාසිටී.

Charlise Mutten නම් මෙම දැරියගේ බවට සැක කෙරන සිරුරක් අද බැරලයක බහා තිබියදී හමුවිය.

දැරිය අතුරුදන්වූ ස්ථානයට පැයක පමණ දුරකින් පිහිටි ස්ථානයක බැරලයක තිබී අද පෙරවරුවේ සිරුර සොයාගත් බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් මෙම සිරුර අතුරුදන්වූ දැරියගේමද යන්න මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.

දැරිය අතුරුදන්වූයේ පසුගිය 14 වනදායි.

https://www.9news.com.au/national/man-charged-with-murder-of-missing-girl-blue-mountains-nsw/65f0128c-58c8-4b09-9618-66c1fd3861ac

pic – (Supplied)

COMMENTS