2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු

2026 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය මෙල්බන් නගරයට හිමිවන ළකුණු පළවී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය විසින් වික්ටෝරියා ප්‍රාන්ත රජය වෙත එම ආරාධනාව සිදුකර ඇති බව සඳහන්.

පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් 50 අතුරින් කිසිදු රටක් විසින් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය භාරගැනීමට මේ දක්වා ඉදිරිපත්වී නැහැ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය හෝ ෆෙඩරල් රජය විසින් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

2006 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරුවේද මෙල්බන් නගරයයි.

කිසියම් අයුරකින් මෙම තරගාවලි සත්කාරකත්වය ලදහොත් Melbourne, Geelong, Ballarat, Shepparton, the Latrobe Valley, Bendigo කේන්ද්‍ර කරගනිමින් තරග සංවිධාන කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/melbourne-could-host-2026-commonwealth-games/33c5ac32-f2b8-421e-b481-d3913710ea1a

COMMENTS