අද පස්වරුවේත් මෙල්බන් නගරයට දැඩි කුණාටු තත්වයක්

අද පස්වරුවේත් මෙල්බන් නගරයට දැඩි කුණාටු තත්වයක් බලපෑ හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.

ඊයේ රාත්‍රියේ සිටම ප්‍රදේශ රැසක විදුලි බලය විසන්ධි වී ඇති අතර එය මේ දක්වා යථා තත්වයට පත් කර නැහැ.

මේ අතර අයහපත් කාළගුණ මධ්‍යයේ මෙල්බන් ගුවන් තොටුපළට පැමිණෙමින් තිබූ ගුවන් යානා දෙකක්ද වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

කාළගුණ කාර්යාංශය නිකුත් කල නවතම නිවේදනයට අනුව වර්ෂා කාළගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකියි.

වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවට වැඩිම වර්ෂාපතනය ලද නොවැම්බර් මාසයද මෙම වසරේදී සටහන්ව තිබුණා.

https://twitter.com/BOM_Vic/status/1466160602544545799?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1466160602544545799%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fnational-weather-news-melbourne-victoria-residents-brace-for-more-thunderstorms%2F0a5eb0f5-f21c-4d29-98e0-7a10f0b2a423

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »