ඊයේ වික්ටෝරියා ආසාධිතයන් 1419 යි / නිවු සවුත් වේල්ස් 271 යි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1419 ක් හමුව ඇත.

මරණ 10 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,728 කි.

ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 70,343 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,019 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (01) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 271 ක් වාර්තා වි තිබේ.

දැනට 144 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 24 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 630 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 81,877 ක් සිදු කර ඇත.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »