වික්ටෝරියා දෛනික කොවිඩ් තොරතුරු ප්‍රවෘත්ති සාකච්ඡා නවතී

දෛනික කොවිඩ් තොරතුරු දැනුම්දීම සඳහා වික්ටෝරියා සෞඛ්‍ය අංශ විසින් දිනපතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා මින් ඉදිරියට නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ ආසාධිතයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවීම ඊට හේතුව බවයි.

මේ අනුව මාස ගණනක් පුරා දිනපතා පෙරවරු 11 ට පැවති වික්ටෝරියා කොවිඩ් මාධ්‍ය හමුව අදින් නිමාවට පත් වේ.

මීට පෙර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින්ද මෙලෙස දිනපතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව නතර කරන ලදී.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,355 ක් හමුව ඇත.

මරණ 11 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,095 කි

ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,484 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,455 ක් ලබා දී තිබේ.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »