Day: October 30, 2021

නවසීලන්තය දේශ සීමා නීති ලිහිල් කරයි

2020 වසරේ මාර්තු මාසයේ සිට බලාත්මක වූ දැඩි දේශ සීමා නීති ලිහිල් කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ. ඒ අනුව නොවැම්බර් පළමුවනදා සිට Samoa, Tonga & Vanuatuයන රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය නොවනු ඇති. එමෙන්ම මේ දක්වා පැවති දින 14 ක හෝටල් නිරෝධායනයද දින 07 කට අඩු කර තිබෙනවා. ලබන වසරේ මැද භාගය වනවිට හෝටල් නිරෝධායනය වෙනුවට නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් හඳුන්වාදීමයි නවසීලන්තයේ අරමුණ වන්නේ. මේ අතර ලබන සඳුදා සිට නවසීලන්තයට පැමිණෙන සියල්ලන් එන්නත් මාත්‍රා 02

Read More »
CBSL

මූඩීස් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවත් පහතට දමයි – මහ බැංකුවෙන් උත්තර

ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa1 දක්වා Caa2 සිට පහත හෙළා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතා අවම වී ඇති තත්ත්වය මත විදේශ ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සඳහා බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් මෙම ශ්‍රේණිගත කිරීම ජූලි 19 වන දින ආරම්භ කරන ලද සමාලෝචනයක කොටසක් බව එහි

Read More »

Cleo Smith දැරිය සම්බන්ධ විමර්ශනය අවසාන අධියරට

අතුරුදන්ව අදට සති 02 ක් ගතවන 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධ විමර්ශනය අවසාන අධියරට එළැඹෙමින් ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය පවසයි. කෙසේවෙතත් විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඊට අදාළ වැඩිදුර තොරතුරු හෙළිකල නොහැකි බවයි බළධාරීන් සඳහන් කලේ. පසුගිය 16 වන සෙනසුරාදා අලුයම බටහිර ඔස්ටේ්‍රලියාවේ කඳවුරු භූමියක සිටියදී දැරිය අතුරුදන් වූවාය. පොලිසිය පසුගියදා පැවසුවේ දුරකථන ඇමතුම් 200 ක් පමණ ලැබී ඇති නමුත් කිසිදු වැදගත් තොරතුරක් ලබාගත නොහැකි වූ බවයි. කිලෝමීටර් 1000 ක පමණ වපසරිය සහිත

Read More »

Just In: බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිර යන “ඩෙල්ටා ප්ලස්” ආසාධිතයෙකු පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන ඩෙල්ටා ප්ලස් වෛරස ප්‍රභේදය ආසාධිතයෙකු පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් හමුවී තිබේ. නිවු සවුත් වේල්ස් හි හෝටල් නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයෙකු සතුව තිබී මෙම ප්‍රභේදය සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කලේය. කෙසේවෙතත් එම ආසාධිතයා කුමන රටක සිට පැමිණි කුමන ජාතිකයෙකුදැයි මෙතෙක් අනාවරණය වී නැත. තවත් දින කිහිපයකින් ජාත්‍යන්තර දේශ සීමා නැවත විවෘත කිරීමත් සමග තවත් ආසාධිතයන් පැමිණිය හැකි වනු ඇති බවටද බලධාරීන් අනතුරු අගවා සිටී. දැනට මහා බි්‍රතාන්‍යයේ පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේද අතුරින්

Read More »

වික්ටෝරියා දෛනික කොවිඩ් තොරතුරු ප්‍රවෘත්ති සාකච්ඡා නවතී

දෛනික කොවිඩ් තොරතුරු දැනුම්දීම සඳහා වික්ටෝරියා සෞඛ්‍ය අංශ විසින් දිනපතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා මින් ඉදිරියට නොපැවැත්වීමට තීරණය කර තිබේ. ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ ආසාධිතයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවීම ඊට හේතුව බවයි. මේ අනුව මාස ගණනක් පුරා දිනපතා පෙරවරු 11 ට පැවති වික්ටෝරියා කොවිඩ් මාධ්‍ය හමුව අදින් නිමාවට පත් වේ. මීට පෙර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින්ද මෙලෙස දිනපතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව නතර කරන ලදී. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු

Read More »