Day: October 30, 2021

නිවාස ප්‍රතිකාර කිරීම් ඉහළට / 80% එන්නත්කරණ ඉලක්කය ඉදිරි දින 10 තුළදී

කොවිඩ් එන්නත්කරණය ඉහළ යාමත් සමග නිවාසවල සිදුකරන ප්‍රතිකාර කිරීම් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ අසාධ්‍ය රෝගීන් community care වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. ඉදිරි දින 10 තුළදී එන්නත්කරණ ඉලක්කය සියයට 80 අභිබවා යාමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව ජාතික සැළැස්මේ (National Plan) 03 වන අධියරට ඔස්ටේ්‍රලියාවට ගමන් කිරීමට හැකිවනු ඇතැයි ග්‍රෙග් හන්ට් සඳහන් කර සිටී. 03 වන අධියර යනු ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමයි.

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 237 ක් / මරණ 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 237 ක් වාර්තා වි තිබේ. දැනට 343 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 81 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 569 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 77,271 ක් සිදු කර ඇත. NSW COVID-19 update – Saturday 30 October 2021 In the

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1355 ක් | මරණ 11 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,355 ක් හමුව ඇත. මරණ 11 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,095 කි ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,484 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,455 ක් ලබා දී තිබේ. We thank everyone who got vaccinated and tested yesterday. Our thoughts are with those in hospital, and

Read More »

අසාත්මිකතා නිසා Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවයි

Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවා තිබේ. ඒ නම් නොකල අසාත්මිකතාවයක් හේතුවෙනි. අදාළ පීසා ලේබලවල “suitable for vegans” ලෙස සටහන්ව ඇතත් ඒවායෙහි කිරි අන්තර්ගතව ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ. මෙලෙස කැඳවා ඇති පීසා විශේෂ වන්නේ Coles Nature’s Kitchen Meat-free Hawaiian Style Pizza 250gm Coles Nature’s Kitchen Meat-free Meat Lovers Pizza 250gm Coles Nature’s Kitchen Supreme Veggie Pizza 250gm මේ සම්බන්ධයෙන් Coles විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති අතර සම්පූර්ණ මුදලම යළි

Read More »

G20 සමුලුවට අගමැති මොරිසන් ඉතාලියට

ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන G20 සමුලුවට සහභාගීවීම සඳහා අගමැති ස්කොට් මොරිසන් ඉතාලියට පැමිණ තිබේ. මෙම සමුලුවට ඔස්ටේ්‍රලියා අගමැතිවරයාගේ සහභාගීත්වය තීරණාත්මක වූයේ ඔහු සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවැත්වෙන නිල හමුව හේතුවෙනි. ඒ මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව සමග ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුම හමුවේ ප්‍රංශයෙන් ඩොලර් බිලියන 90 ක් වටිනා සබ්මැරීන මිළදී නොගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් නිර්මාණයවීම හේතුවෙනි. ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව යෑමට පෙර ද අගමැති මොරිසන් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණ.

Read More »