නිවාස ප්‍රතිකාර කිරීම් ඉහළට / 80% එන්නත්කරණ ඉලක්කය ඉදිරි දින 10 තුළදී

කොවිඩ් එන්නත්කරණය ඉහළ යාමත් සමග නිවාසවල සිදුකරන ප්‍රතිකාර කිරීම් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ අසාධ්‍ය රෝගීන් community care වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉදිරි දින 10 තුළදී එන්නත්කරණ ඉලක්කය සියයට 80 අභිබවා යාමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව ජාතික සැළැස්මේ (National Plan) 03 වන අධියරට ඔස්ටේ්‍රලියාවට ගමන් කිරීමට හැකිවනු ඇතැයි ග්‍රෙග් හන්ට් සඳහන් කර සිටී.

03 වන අධියර යනු ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමයි.

SOURCE :

https://7news.com.au/lifestyle/health-wellbeing/covid-support-to-shift-to-home-health-care-c-4369061

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »