ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන G20 සමුලුවට සහභාගීවීම සඳහා අගමැති ස්කොට් මොරිසන් ඉතාලියට පැමිණ තිබේ.
මෙම සමුලුවට ඔස්ටේ්‍රලියා අගමැතිවරයාගේ සහභාගීත්වය තීරණාත්මක වූයේ ඔහු සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවැත්වෙන නිල හමුව හේතුවෙනි.
ඒ මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව සමග ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුම හමුවේ ප්‍රංශයෙන් ඩොලර් බිලියන 90 ක් වටිනා සබ්මැරීන මිළදී නොගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් නිර්මාණයවීම හේතුවෙනි.
ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව යෑමට පෙර ද අගමැති මොරිසන් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණ.
අදාළ ගිවිසුම අවලංගු කිරීමට බලපෑ හේතු ඔහු එහිදී දීර්ඝව පැහැදිලි කර ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 ආර්ථීක සැළසුම් සහ දේශගුණ විපර්යාස මෙවර G20 රාජ්‍ය නායක සමුලුවේ වැඩිම අවධානය යොමුවන මාතෘකා බවට අනාවැකි පළවේ.