නවසීලන්තය දේශ සීමා නීති ලිහිල් කරයි

2020 වසරේ මාර්තු මාසයේ සිට බලාත්මක වූ දැඩි දේශ සීමා නීති ලිහිල් කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.

ඒ අනුව නොවැම්බර් පළමුවනදා සිට Samoa, Tonga & Vanuatuයන රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය නොවනු ඇති.

එමෙන්ම මේ දක්වා පැවති දින 14 ක හෝටල් නිරෝධායනයද දින 07 කට අඩු කර තිබෙනවා.

ලබන වසරේ මැද භාගය වනවිට හෝටල් නිරෝධායනය වෙනුවට නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් හඳුන්වාදීමයි නවසීලන්තයේ අරමුණ වන්නේ.

මේ අතර ලබන සඳුදා සිට නවසීලන්තයට පැමිණෙන සියල්ලන් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන තිබිය යුතු බවටද නියමයක් පණවා තිබෙනවා.

source : https://www.9news.com.au/national/one-of-the-worlds-most-closedo-ff-nations-to-start-easing-covid19-travel-restrictions-new-zealand-auckland/1091e68e-dc5b-48ec-b2b7-e240e876c600

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »