Cleo Smith දැරිය සම්බන්ධ විමර්ශනය අවසාන අධියරට

අතුරුදන්ව අදට සති 02 ක් ගතවන 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධ විමර්ශනය අවසාන අධියරට එළැඹෙමින් ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය පවසයි.

කෙසේවෙතත් විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඊට අදාළ වැඩිදුර තොරතුරු හෙළිකල නොහැකි බවයි බළධාරීන් සඳහන් කලේ.

පසුගිය 16 වන සෙනසුරාදා අලුයම බටහිර ඔස්ටේ්‍රලියාවේ කඳවුරු භූමියක සිටියදී දැරිය අතුරුදන් වූවාය.

පොලිසිය පසුගියදා පැවසුවේ දුරකථන ඇමතුම් 200 ක් පමණ ලැබී ඇති නමුත් කිසිදු වැදගත් තොරතුරක් ලබාගත නොහැකි වූ බවයි.

කිලෝමීටර් 1000 ක පමණ වපසරිය සහිත කලාපයේ මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු අතර Cleo Smith දැරිය පිළිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක් ලබාදෙන බවද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පැවසුවේය.

SOURCE : https://7news.com.au/news/wa/criminal-psychologist-tim-watson-munro-suggests-wa-police-may-be-closer-to-solving-cleos-case-then-we-are-aware-c-4370605

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.