ඔස්ටේ්‍රලියා පුරවැසියන්ට ලබන 01 සිට පූර්ව අනුමැතියකින් තොරව විදෙස්ගතවිමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිය පුරවැසියන්ට ලබන පළමුවනදා සිට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව විදෙස්ගතවිය හැකි බව ඔස්ටේ්‍රලියාව නිල වශයෙන් නිවේදනය කර තිඛෙනවා.

එම තහනම ඉවත් කෙරෙනුයේ මාස 19 කට පසුවයි.

මේ අනුව එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇත්නම් ලබන පළමුවනදා සිට කිසිදු හේතු දැක්වීමකින් තොරව විදෙස් ගතවීමට ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට අවසර හිමිවන බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෘෘස් නිවේදනය කලේ.

දැනට ඔස්ටේ්‍රලියාවෙන් පිටවීමට පුරවැසියන්ට අවසර පවතින්නේ අත්‍යවශ්‍යම කරුණකට පමණයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ නිපුණතා ශ්‍රමිකයන් සහ ජාත්‍යන්තර සිසුන්ටද මෙම වසර අවසානයට පෙර රටට පැමිණීමට අවසර ලබාදෙන බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.

source : https://www.bbc.com/news/world-australia-59058945

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »