මෙල්බර්න් ලොක්ඩවුන් තත්වය අද රාත්‍රියේ සිට අවසන් – හෙට සිට ලිහිල්වන සීමා මෙන්න

මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරේ.

මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි

මෙල්බර්න් නාගරික කලාපය

නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය මෙල්බර්න් නාගරික හා ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම බලාත්මකයි.

බාහිර හමුවීම් සඳහා උපරිම 15 දෙනෙකු සහභාගී කරවා ගත හැකිය.

ප්‍රජා ක්‍රීඩා පුහුණු කිරීම් යළිත් ආරම්භ කල හැකිය.

Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

නාගරික මෙල්බර්න් සඳහා මේ දක්වා පැවති ඇඳිරි නීතිය මෙන්ම කිලෝමීටර් 15 සීමාව ඉවත් කෙරේ.

අර්ධ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ උපරිම 05 දෙනෙකු එකවර රූපලාවන්‍යාගාර වෙත ගෙන්වා ගත හැකිය.

මෙල්බර්න් ප්‍රාදේශීය කලාපය

Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය.

පූර්ණ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.

විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 100 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »