Day: October 21, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ගෙන් සුබ පැතුම්

ලෝක කුසලාන විස්සයි විස්ස මුලික වටයේ තරඟයකින් අයර්ලන්තය ලකුණු 70කින් පරාජය කරමින් “සුපිරි කණ්ඩායම් 12” ට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය. ඒ අනුව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ තවත් සුදුසුකම් ලබන කණ්ඩායමක් සමග සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සුබ පතා තිබුණි. ඒ ෆේස්බුක් සටහනක් තබමින්. SOURCE: KUSAL MENDIS FB

Read More »

වික්ටෝරියා සිට ක්වීන්ස්ලන්ඩ් ගිය Uber රියදුරෙකුට කොවිඩ්

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා මෙම මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයට ගිය Uber රථ රියදුරකු වේ. මෙම පුද්ගලයාගෙන් නිසි තොරතුරු ලබාගැනීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeanette Young පවසයි. මේ අතර දෙසැම්බර් මස 17 වැනිදාට පෙර ‘Super Saturday’ නමින් විශාල එන්නත්කරන වැඩසටහනක් පාසල් 100ක් තුල ආරම්භ කිරීමටද නියමිතව තිබේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා ACT ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 28 ක් හමුවී

Read More »

ෆේස්බුක් සහ ට්විටර් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් “TRUTH Social”

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය. බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පැවසීය. කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් ක්‍රියා කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප්

Read More »

අතුරුදන්වූ Cleo Smith දැරිය සම්බන්ධ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කඳවුරු භූමියකදී අතුරුදන්වූ 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ප්‍රාන්ත අගමැති Mark McGowan පර්ත් නුවරදී අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කලේය. දැරිය අතුරුදන්ව අදට දන 06 ක් ගතවී ඇති අතර ඊයේ දිනයේදී ප්‍රාන්ත පොලිසිය නිවේදනය කලේ මෙය අනිවාර්ය පැහැර ගැනීමක් බවට සනාථ කල හැකි බවයි. Cleo Smith සහ පවුලේ සාමාජිකයන් සිටි කූඩාරමේ Zipper එක ඇරගැනීමට තරම් උසකින් දැරිය

Read More »